29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (25) දිවයිනේ A,B,C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාපවලට පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.

හෙට (26) පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350ක් සහ රාත්‍රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක් වනු ඇති බව විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (24) සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව බස් රථයට අතරමගදී ඉන්ධන ලබා ගැනීමට තාවකාලිකව අවසර ලබාදෙන බවයි.