25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්සත් රාජධානිය යුක්රේනයට මිලිටරිමය සහාය දෙන්න එකඟ වෙයි

එක්සත් රාජධානිය යුක්රේනයට මිලිටරිමය සහාය දෙන්න එකඟ වෙයි

රුසියානු ආක්‍රමණය ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හෙළා දකින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (25) ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයට ‘මිලිටරිමය වශයෙන්’ සහාය දීමට ප්‍රතිඥා දෙන බවයි.

මේ වනවිට බොරිස් ජොන්සන් රුසියානු ආයතන 100කට වැඩි ගණනකට නව සම්බාධක මාලාවක්ද පනවා ඇති අතර එක්සත් රාජධානිය ‘රුසියානු තෙල් හා ගෑස් මත යැපීම සාමූහිකව නැවැත්වීම සඳහා දැවැන්ත ආර්ථික සම්බාධක පැකේජයක්’ හඳුන්වා දෙන බවද බොරිස් ජොන්සන ප්‍රකාශ කළේය.

ඔහු ජාතිය අමතමින් කියා සිටියේ,

“යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ඔවුන් සමඟ කොපමණ කාලයක් ගත වුවද වැඩ කරන්නෙමු. මෙම අනවශ්‍ය සහ නොසැලකිලිමත් ආක්‍රමණශීලී ක්‍රියාව යුක්‍රේනයට පමණක් නොව, නැගෙනහිර යුරෝපයේ සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට එල්ල කරන ප්‍රහාරයකි.

මෙම අර්බුදය නිදහස්, ස්වෛරී ස්වාධීන යුරෝපීය ජනතාවට තමන්ගේ අනාගතය තෝරා ගැනීමට ඇති අයිතිය ගැන වන අතර එය එක්සත් රාජධානිය සැමවිටම ආරක්ෂා කරන අයිතියකි. රාජ්‍ය තාන්ත්‍රිකව, දේශපාලනිකව, ආර්ථිකව – සහ අවසානයේ, මිලිටරිමය වශයෙන් ව්ලැඩිමීර් පුටින්ගේ මෙම පිළිකුල් සහගත සහ ම්ලේච්ඡ ව්‍යාපාරය අසාර්ථක විය යුතුය යන්න මගේ ප්‍රාර්ථ්නාවයි.”