25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතානායකවරයා පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

කතානායකවරයා පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බාධා කරමින් සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒම සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා මේ බව පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උදේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

ඒ පරීක්ෂණයේදී හෙළිවන තොරතුරු මත තමා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් එම තීරණය මැති සබයට දැනුම් දෙන බවත් හෙතෙම සඳහන් කළේය.