32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalභාණ්ඩ හිඟයේ කතාව බොරු - මාස තුනකට ප්‍රමාණවත් බඩු තියෙනවා

භාණ්ඩ හිඟයේ කතාව බොරු – මාස තුනකට ප්‍රමාණවත් බඩු තියෙනවා

රට තුළ පවතින භාණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ඇති බවත් මාස තුනකට ප්‍රමාණවත් භාණ්ඩ රට තුළ පවතින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මෙ බව පවසා තිබේ.

නමුත් ඇතැම් අවස්ථාවල භාණ්ඩ හිගයක් ඇතිවීමේ හැකියාව පවතින අතර ඊට හේතුව නිසි පරිදි භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු නොවීම බවත් හෙතෙම අවධාරණය කරයි.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතැම් භාණ්ඩ තොග ගබඩා කිරීම හෝ වෙළඳාමට අදාළ කොන්දේසි හේතුවෙන් ඇතැම් වෙළඳුන් අයුතු ලාභ ගැනීමට උත්සාහ දරන බවයි. එවැනි තත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එවැනි කටයුතුවල නිරත වන වෙළඳුන් නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.