26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමතුගම ඝාතනයට රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් අත්අඩංගුවට

මතුගම ඝාතනයට රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් අත්අඩංගුවට

මතුගමදී නිවසකට ඇතුළු වී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරිනියක බව පැවසේ.

පසුගිය 15 වැනිදා අදාළ නිවසට ඇතුළු වු නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මතුගම බාලිකා පාර ප්‍රදේශයේදි නිවසකට ඇතුළු වී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඊයේ රාත්‍රී නුගේගොඩ ප්‍රදේශයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

39 හැවිරිදි මෙම සැකකාරිය මතුගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරිනියකි. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.