24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝදිගෙන් පුටින්ට ඇමතුමක්

මෝදිගෙන් පුටින්ට ඇමතුමක්

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් අගමැති මෝදි අමතා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස කළ ඉල්ලීමකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වෙත දුරකථන ඇමතුමක් ලබා දී රුසියානු – යුක්රේන ආක්‍රමණය පිළිබඳව විමසීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දුරකතන සංවාදයේදී යුක්රේනයේ ගැටුම් වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

“සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයට පිවිසීම වැදගත්. රුසියාව සහ නේටෝ සංවිධානය සිය ගැටලු රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතුයි.” යනුවෙන් එහිදී අගමැති මෝදි පුටින්ට පවසා ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට යුක්රේනයේ කියෆ් අගනුවරට මිසයිල ප්‍රහාර අඛණ්ඩව එල්ල වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.