26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේනයේ සිටින ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

යුක්‍රේනයේ සිටින ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා තුර්කියේ අන්කරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් දී තිබේ.

මේ පිළිබඳ විස්තර දැනගැනීම සඳහා අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 24 පැය ක්‍රියාත්මක මෙම 90 534 456 94 98 හෝ 90 312 427 10 32 දුරකථන අංක වෙත ඇමතුමක් දෙන ලෙස යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටී.