― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessයුක්‍රේන අර්බුදයෙන් ලංකාවේ ආර්ථිකයටත් දැඩි බලපෑම්

යුක්‍රේන අර්බුදයෙන් ලංකාවේ ආර්ථිකයටත් දැඩි බලපෑම්

යුක්‍රේනයේ මතුව ඇති අර්බුදය යුරෝපයට පමණක් නොව සමස්ත ලෝකයේම ආර්ථිකයට බලපෑම් එල්ල කර තිබේ.

යුක්‍රේන – රුසියා අර්බුධය හේතුවෙන් ගෝලීය සැපයුම් ජාලවලට බලපෑම් එල්ල වී තිබීමත් සමඟ ශ්‍රී ලංකාවටද මෙම අර්බුදයෙන් එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මේ වනවිටත් ලෝක බොරතෙල් මිල, ගෑස් මිල හා රත්තරන් මිලද ඉහළ ගොස් අවසන්. කැරට් 24 රන් පවුමක මිල රුපියල් 131,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔපෙක් සංවිධානයේ රටක් නොවුනද රුසියාව ලෝක බොරතෙල් මිල තීරණය කරන ප්‍රධාන රටක් බව අපි හැමෝම දන්නා කරුණක්. මේ වන විටත් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105 සීමාව පසුකර තිබෙනවා. එමෙන්ම ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිෂ්පාදකයා වන්නේද රුසියාවයි. ලෝක වෙළඳපොලේ රත්ත්‍රන් මිලද 2014 වසරෙන් පසු පළමු වරට මේ වන විට ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

යුක්‍රේනය සහ රුසියාව යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුව සම්බන්ධ රටවල් දෙකක්. මේ වසරේ තුන්වෙනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ යුක්‍රේනයෙන්. කොවිඩ් අර්බුදය මැද ඉකුත් වසරේ සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ අවස්ථාවේ මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණියේද රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තේ අපනයනය කරන ප්‍රධාන රටක් වන්නේ රුසියාවයි. රුසියාවට ලොව රටවල් රැසක් සම්බාධක පනවා ඇති පසුබිමක එහි බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ලවනු ඇති. ශ්‍රී ලංකාව, යුක්‍රේනයෙන් මෙන්ම රුසියාවෙන්ද විවිධ භාණ්ඩ මෙරටට ආනයනය කරනවා. රුසියානු ඇස්බැස්ටෝස් ඒ අතරින් ප්‍රධානයි.

යුක්‍රේනයෙන් ද ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන සියයක පමණ භාණ්ඩ ආනයනය කරනවා. යුක්‍රේනය යනු ගෝලීය වශයෙන් තිරිඟු සහ බාර්ලි අපනයනය කරන ප්‍රධාන රටක්. ඒ අනුව මෙම අර්බුධයෙන් ඉන්ධන, තේ, තිරිඟු පිටි, ගෑස්, බාර්ලි හා රත්ත්‍රන් වැනි ක්ෂේත්‍රවල සිදුවන බලපෑම ශ්‍රී ලංකාවටද මහත් සේ දැනෙනු නොඅනුමානය.