23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියාවට සම්බාධක පනවන්න අපිට ශක්තියක් නෑ

රුසියාවට සම්බාධක පනවන්න අපිට ශක්තියක් නෑ

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරමින් සිටින ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට දත්ත විශ්ලේෂණය කරමින් සිටින අතර කිසිදු රටක් වෙනුවෙන් පාක්ෂිකව අදහස් දක්වන්නට ශ්‍රී ලංකාවට නොහැකි බව විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රුසියාවට සම්බාධක පැනවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට නොමැති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව දෙරට අතර පවතින අර්බුදය නිරීක්ෂණය කරමින් සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය.

කිසිදු රටක් වෙනුවෙන් කතා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් රටවල් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ඒ ඒ රටට යම් කිසි හේතුවක් තිබෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

රටක් වශයෙන් සාකච්ඡා කොට ප්‍රශ්න විසඳා ගත යුතු බවත් යුද්ධයෙන් ප්‍රශ්න විසඳා ගත නොහැකි බව ශ්‍රී ලංකාව විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටි අතර
ජාත්‍යන්තර ගැටලුවලදී මීට වඩා සංවේදීව මෙන්ම මීට වඩා අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු එම මාධ්‍යවේදීයාට පැවසීය.