29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසරත් වීරසේකරගේ සිකියුරිටිට මස්සිනාගෙන් කැති ප්‍රහාරයක්

සරත් වීරසේකරගේ සිකියුරිටිට මස්සිනාගෙන් කැති ප්‍රහාරයක්

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු (PSO) වශයෙන් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයකු කැති ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තිබේ.

පෙරේදා (23) රාත්‍රියේදී සහකාර පොලිස් අධිකාරිවරයා පදිංචි මහරගම නිවසේදී ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මොහු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ මස්සිනා සමග ඇතිවූ ආරවුලකින් පසු සහකාර පොලිස් අධිකාරිවරයාට කැත්තකින් පහර දී තුවාල සිදුකර ඇති මස්සිනා මේ වනවිට පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය මෙහෙයුම් අරඹා තිබේ.

තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.