27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංගප්පූරු පෙට්‍රල් නැවක් අද කොළඹට

සිංගප්පූරු පෙට්‍රල් නැවක් අද කොළඹට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400ක් සහිත නෞකාවක් සිංගප්පූරුවේ සිට අද (25) මෙරටට ළඟාවීමට නියමිතය.

බලශක්ති අමාතයංශයේ ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, ජාත්‍යන්තර මුහුදේ ඇති එම නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 33 ක් පමණ වන ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අද (25) සිදු කරන බවයි.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් ඇතත් මෙම නෞකාවෙන් ගොඩබාන පෙට්‍රල් සඳහා එම මිල ඉහළ යාමෙන් බලපෑමක් සිදුනොවන බව බලශක්ති අමාතයංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් තහවුරු කළේ ය.

ඩීසල් තොග රැගත් තවත් නෞකා දෙකක් සහ දැවි තෙල් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

මේ අතර, දින 8 ක් සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග මෙරට තිබියදීත්, ඊයේ (24) දිනයේ ඉන්ධන පිරවුම්හල්වල පැවති ඩීසල් හිඟය සම්බන්ධයෙන් අද (25) විශේෂ සොයා බැලීමක් සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (25) ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයෙන් විමසීමක් සිදුකරන බවයි.