26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නොතීසි

අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නොතීසි

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර ඇති නියෝගයක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මාර්තු 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ මෙම නියෝගය කර ඇත.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තම සේවාදායකයා දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දීම යුක්ති සහගත නොවන බව ජනාධිපති නීතිඥ මුස්තාපා පෙන්වා දී ඇත.

එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර ඇති දැනුම්දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාර්තු මස 2 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.