32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් භාණ්ඩ 600ක බදු ඉහළට?

තවත් භාණ්ඩ 600ක බදු ඉහළට?

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් ඉදිරිපත් කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අනුව එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති බදු යම් පමණකින් හෝ වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල කරුණු අධ්‍යයනය කර ගෙන යන බව වාර්තා වේ. මේ අතර තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.