27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට යුක්රේන සංචාරකයින් ගැන තීරණයක්

මෙරට යුක්රේන සංචාරකයින් ගැන තීරණයක්

මේ වන විට යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙසද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.