― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරංජන් බැලීමට සජිත් වැලිකඩ යයි

රංජන් බැලීමට සජිත් වැලිකඩ යයි

රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් නැවත් ඉල්ලා සිටින බවත් දේශීයව එම ජයග්‍රහණය ලබන්න බැරි නම් ඒ සදහා ජාත්‍යන්තරයේ සහාය පැතීමට සිදුවන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමක් ඊයේ (25) වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන් ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පුන පුනාම ගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා. ඊයේ දවසේත් අද දවසෙත් අපි ඒ ඉල්ලීම ඉදිරිපත් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.

ඒ වගේම අපේ බලාපොරොත්තුව අපේ අදහස රංජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස මේ රට තුළ දිනා ගැනීමයි. අපිට කිසිසේත්ම වුවමනාවක් නැහැ වෙනත් පිටස්තර ප්‍රවාහයක් හරහා එය දිනා ගැනීම ලබාගැනීමට. නමුත් දේශීයව අපට ඒ ජයග්‍රහණය ලබන්න බැරි නම් අපට සිදු වෙනවා මේ මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් කළ හැකි සියලුම නීතයානුකූල ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්න. හැබැයි ඒ ක්‍රියාදාමය තුළ අපි කිසිලෙසකත් අපේ රට, අපේ මාතෘභූමිය, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය, මානව අයිතිය මානව නිදහස කෙළෙසන්න ට උල්ලංඝනය කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ මන්ද අපි සැබෑ දේශප්‍රේමීන්. අපි සැබැවින්ම රටට ආදරය කරන මේ මාතෘ මාතෘභූමියේ ජනතා සේවකයින්. ඒ නිසා අපේ ඒකායන අරමුණ රන්ජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස දිනා ගැනීමයි . ඒ උදෙසා අපි දේශීයව සහ විදේශීයව අපට ප්‍රජාතන්ත්‍රවාදීම නිත්‍යානුකූලව කළ හැකි ඉහළම කාර්යභාරය අපිට කරන්නට කැප වෙනවා.”