26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලත් වැඩිවෙන ලකුණු

විදුලි බිලත් වැඩිවෙන ලකුණු

විදුලි මිලෙහි වැඩි කිරීමක් සම්බන්ධයෙන් යෝජනා කරමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමුනී මහතා සඳහන් කළේ, ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනයේදී වැයවන පිරිවැය අතර වෙනස පියවා ගැනීමේ අරමුණින් දාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම මගින් රජය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව ද, ඇන්ඩෘ නවමුණි මහතා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ, දැනට විදුලිය ඒකකයක් සඳහා රුපියල් 16 ක් වැනි මුදලක් අයකරන බවය.

එහෙත්, විදුලිය ඒකකයක් නිෂ්පාදනයට ඊට වැඩි ඉහළ පිරිවැයක් දැරීමට මණ්ඩලයට සිදුව ඇතැයි, මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර, අද සහ හෙට රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.

එම කොමිසන් සභාව සඳහන් ක‌ළේ, අද (26) ABC කාණ්ඩවල පමණක් පැය 3 ක සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩුකරන බවයි.