26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහින් කෝටි 10ක රථවාහන දඩ

ගම්පහින් කෝටි 10ක රථවාහන දඩ

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස්ථාන 18 ක් මගින් සිදුකර ඇති පරීක්ෂාවන් මත මහමග රිය ධාවනය කිරීමේදී රියදුරන් විසින් සිදු කළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් සහ දඩපත් මගින් පසුගිය 2021 වර්ෂය තුල රුපියල් නව කෝටි හැත්තෑහය ලක්ෂ අනූහාර දහස් එකසීයක මුදලක් වැරදිකරුවන්ගෙන් අය කර ගෙන ඇත.

ගම්පහ කොට්ඨාසයේ පොලිස්ථාන මගින් ලබාගත් රථවාහන නඩු සදහා දඩපත් සහ අධිකරණයෙන් ලද ආදායම් වාර්තාවෙහි මේ බව සඳහන්ය.

පසුගිය වසර තුල රියදුරන් විසින් සිදු කොට ඇති විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස්ථාන 18 මගින් නිකුත් කළ දඩපත් වලින් රුපියල් 4, 56, 54, 900 ක ආදායමක් සහ අධිකරණය හමුවේ නඩු පැවරීම මත රුපියල් 5, 20, 39, 200 ක ආදායමක් ලැබී ඇති බව එම වාර්තාවෙන් පෙන්නුම් කොට ඇත.

ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් යටතේ පොලිස්ථාන බාර සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස්ථානාධිපතිවරුන්, රථවාහන අංශාධිපතිවරුන් සහ කොට්ඨාස රථවාහන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මෙන්ඩිස් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ පරීක්ෂාවන්ට අනුව වැරදි සිදුකළ රියදුරන්ගෙන් දඩපත් සහ අධිකරණ ලබා යටතේ රුපියල් 1,17,55,800 ක් වන වැඩිම දඩ මුදලක් මිනුවන්ගොඩ පොලිස්ථානය යටතේද, නිට්ටඹුව පොලිස්ථානය මගින් රුපියල් 99,30,500 ක්, යක්කල පොලිස්ථානය මගින් රුපියල් 95,90,600 ක්, ගම්පහ පොලිස්ථානය මගින් රුපියල් 95,44,800 ක් වශයෙන් වැඩි දඩ මුදලක් අයකර ගෙන තිබේ.

රිය අනතුරු අවම කොට ජීවිත සුරැකීම පිනිස පොලිස් රථවාහන අංශ මගින් පරීක්ෂාවන් සිදු කරමින් වැරදි කරනු ලබන රියදුරන්ට දඩුවම් පැමිණවීම තුලින් දඩ මුදල් ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ අන්තරාදායක ලෙස හා අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම ඇතුලු සිදුකරන ලද වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මත බව පොලීසිය සඳහන් කරයි.