29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ධාවනයත් කොට උඩ

දුම්රිය ධාවනයත් කොට උඩ

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාලයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50කින් පමණ අඩුවී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණද දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.

දුම්රිය ධාවනයට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැය වන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකය.