බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු තිදෙනා මාර්තු 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය ජනවාරි 11 වැනිදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත් බෝම්බයක් සොයා ගැනිණි.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන අනුව ෂර්ලි හේරත් නම් විශ්‍රාමික වෛද්‍යවරයා ජනවාරි 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.