29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමම බාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක්

මම බාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක්

තම පාලන කාලය තුළ මෙතරම් ගැටලුකාරී ඉරණමකට ජනතාව මුහුණ නොදුන් බවත් ගල් ගැහුවට, චරිත ඝාතන කළාට, නින්දා අපහාස කළාට තමා සැලෙන්නේ නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්. මිනිස්සු කාලා බීලා හිටියා. ගොවියෝ හොඳට ගොවිතැන් කළා. ප්‍රශ්න මගේ කාලයේ නොතිබුණා නෙමෙයි. නමුත් මේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය අද වගේ තත්ත්වයකට ඇදවැටිලා තිබුණේ නෑ. ආණ්ඩුවට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලුදෙනා එකට එකතුවිය යුතු අවස්ථාවක්. රටේ සියලු දේශපාලන පක්ෂ, නායකයින් එක වේදිකාවට ඇවිල්ලා රට බේරගන්න, පෙනි පෙනී ඇදගෙන වැටෙන රට උඩට උස්සන්න කටයුතු කළ යුතු අවස්ථාවක්. අපිට අද ගල් ගැහුවට, අපිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කිව්වට, මට නින්දා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නෑ. අවුරුදු 54කට ආසන්න පක්ෂ දේශපාලන ජීවිතයේ නින්දා අපහාස අපවාද සියල්ල මට හොඳට හුරුයි. අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි. ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුලෙන්. මේ ගොවි දුක මම පාර්ලිමේන්තුවේ දැන් අවුරුද්දක් විතර කතා කරනවා. පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගිහින් පොළොන්නරුවෙන් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන්දෙනෙක්. මං හැර. ඒ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ හරි ඉන් පිට හරි ගොවි ජනතාවගේ දුක ගැන කතා කරනවා. නැහැ. හැමදේටම yes සර්. ඔව් සර්.එච්චරයි.”