31.7 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේන ජනපති ඝාතනයට පුටින්ගෙන් 400ක කුලී හමුදාවක්

යුක්‍රේන ජනපති ඝාතනයට පුටින්ගෙන් 400ක කුලී හමුදාවක්

යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා 400කින් සමන්විත කුලී හමුදාවක් යුක්‍රේනය වෙත යැවීමට රුසියාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙලරුසියා – යුක්‍රේන දේශසීමා ආසන්නයේඩී සිදු කිරීමට නියමිත සාම සාකච්ඡා අතරේදි මෙම කුලී හමුදාව යුක්‍රේනයට යැවීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇත.

වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කණ්ඩායම මීට සති පහකට පෙර අප්‍රිකාවෙන් රුසියාව බලා පැමිණ ඇති අතර අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසිනි.

යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් සමන් සමන්විත ඝාතන ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීම මෙම කන්ඩායමේ මූලික ඉලක්කයයි.
යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝාතකයින් වෙත මේ සඳහා අති විශාල මුදලක්ද ගෙවනු ලැබේ.

මීට සති පහකට පමණ පෙර යුක්‍රේනය බලා ගොස් ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත් බව වාර්තා වෙයි.