― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයට දෙහි කපන සංස්ථා හා ආයතන සභාපතිවරුන් ගැන අගමැති දැඩි තීරණයක

රජයට දෙහි කපන සංස්ථා හා ආයතන සභාපතිවරුන් ගැන අගමැති දැඩි තීරණයක

රජය විවේචනය කරන ආයතන හා සංස්ථා සභාපතිවරුන් පිළිබඳව ආණ්ඩුව ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි.

මේ පිළිබඳව පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රධාන ලෙස සාකච්ඡාවට ලක් වී ඇත. ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් එහිදී පවසා ඇත්තේ ආණ්ඩුව විවේචනය කරමින් ඇතැම් ආයතන සභාපතිවරුන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත් එම තත්ත්වය වහාම නැවැත්වීමට පියවර ගතයුතු බවත්ය.

මෙහිදී ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ සාමාජිකයන් බොහෝ දෙනෙකු තරමක් උණුසුම් ලෙස ඇතැම් ආයතන සභාපතිවරුන්ගේ ක්‍රියා කලාප පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට අදහස් දක්වා ඇත.

මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේදී මහජන උපයෝගිතා කොමිසම, ලිට්‍රෝ ගෑස් සමාගම වැනි ආයතනවල සභාපතිවරුන් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන ආකාරය පිළිබඳවත් එම සභාපතිවරුන් ලක්ෂ 35ක තරම් මාසික වැටුපක් ලබමින් ආණ්ඩුවටම දැඩිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීම පිළිබඳවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කරුණු දක්වා ඇත.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු සොයා බලා කටයුතු කරන බව දැනුම් දී ඇත. එවැනි සභාපතිවරුන්ගේ ඇතැම් ක්‍රියාකලාපය වැරදි බවට අග්‍රාමාත්‍යවරයාද එහිදී පිළිගත් බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇත්තේ ඇතැම් ආයතනවල සභාපතිවරුන් කිසිම ආකාරයකින් නොගැළපෙන ලෙස විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කරන කටයුතු වහා ම නවත්වන ලෙසයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ බව ත් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන සභාපතිවරුන් පිළිබඳව වහාම සොයා බලා කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.