― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට බේරගන්න සියලු දේශපාලන පක්ෂ එක්විය යුතුයි

රට බේරගන්න සියලු දේශපාලන පක්ෂ එක්විය යුතුයි

මතුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියලුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු කථානායක කරු ජයසූරිය පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වන මොණරාගල දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමිනි.

“ජාති ආගම් භේද ඇති කිරීම සඳහා ඉතා සුළු පිරිසක් උත්සාහ කරනවා. ජාතික නායකයින්ට හා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි ආයාචනා කර සිටින්නේ රට නැවතත් ගිණි ගැනීමට ඉඩ නොදී ජාතික ආගමික සමගිය හා සහෝදරත්වය ගොඩ නගන ලෙසයි. දේශපාලනය මැතිවරණය කාලය තුළට සීමා කර තිබේ. අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙමු.

ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත්වූයේ ඒ ඇතිකරගත් එකගත්වය හා සමගිය තුළයි. එමෙන්ම අපට ලෝකයේ තනි වෙන්නට බැහැ. අන්තර්ජාතික විශ්වාසය හා ගෞරවය අපි උපයාගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන මිනිස් නීතියේ ආධිපත්‍ය රැකෙන, මිනිස් අයිතිවාසිකම් රකින, රටකට සංචාරකයින් හා ආයෝජකයින් පෙළගැසී පැමිණේවි. රජයෙන් ද අප ඉල්ලා සිටින්නේ මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙසයි,”