― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයන් දිවයිනට

රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයන් දිවයිනට

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස එහිදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ඊයේ‍ (27) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම තරගාවලිය මෙම පෙබරවාරි 25 වැනිදා සිට 27 වැනිදා දක්වා සිංගප්පූරුවේ පැවති අතර මෙම තරගාවලිය එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබුණි. මෙහිදී ඉන්දික දිසානායක, ශ්‍රීමාලී සමරකෝන්, උෂාන් චාරුක සහ චතුරංග ලක්මාල් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එමෙන්ම මෙම තරගාවලියේදී උෂාන් චාරුක සහ ශානක පීටර්සන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමටද සමත් වී තිබුණි. මෙම ජයග්‍රාහී ක්‍රීඩක පිරිස ඊයේ රාත්‍රී 09.15 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නෑදෑ හිතවතුන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ ආලින්දය වෙත පැමිණ සිටියහ.