27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවට ගූගල් තහනමක්

රුසියාවට ගූගල් තහනමක්

රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති  වීඩියෝ සඳහා  නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත.

පසුගිය සෙනසුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට මෙම ගූගල් සේවා තහනම පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බවත්ය.

රුසියන් ටුඩේ යනු යූ ටියුබ් ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.

ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන  තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බවයි.

(බීබීසී)