28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය රුසියානු ප්‍රහාරයකින් විනාශ වෙයි

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය රුසියානු ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිල ප්‍රහාරයකින් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ‘ඇන්ටනොව් AN – 225’ නමැති ගුවන් යානය විනාශ වී ඇති බව යුක්රේන නිලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.

යුක්රේන භාෂාවෙන් ‘Mriya’ නොහොත් ‘සිහිනය’ ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ගුවන්යානය රුසියානු ප්‍රහාරයට ලක් වූ විට ඛ්යිව් අසල ගුවන්තොටුපළක නවතා තිබූ බව වාර්තා වෙයි.

යානයේ විනාශය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නොමැති නමුත් ඇන්ටනොව් සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ විශේෂඥයින් විසින් පරීක්ෂාවට ලක් කරන තුරු යානයේ තාක්ෂණික තත්ත්වය තහවුරු කළ නොහැකි බවයි.

ඇන්ටනොව් කළමනාකරණය කරන යුක්‍රේනියානු රාජ්‍ය ආරක්ෂක සමාගමක් වන යුක්‍රොබොරොන්ප්‍රොම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ යානය විනාශ වී ඇති නමුත් රුසියාවේ වියදමින් එය නැවත ගොඩනඟන බවයි. ඒ සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 3ක් බවද ඔවුන් අවධාරණය කරයි.

මෙම ගුවන් යානාව භාණ්ඩ නොමැතිව ටොන් 640ක් බරින් යුක්ත වන අතර එන්ජින් 6 කින්ද යුත්ත වේ. යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වන මෙම ගුවන යානය තුළ ගුවන් භාණ්ඩ රඳවන කොටසෙහි මෝටර් රථ 80ක් පමණ රැදවීමට හැකියාව තිබේ. එමෙන්ම මීටර 84ක දිගින් යුතු යානය රෝද 32කින් සමන්විතය.