25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට කෝටි 100ක වන්දි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට කෝටි 100ක වන්දි

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මෙම සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානීන් සඳහා රක්‍ෂණ සමාගමක් හරහා ඩොලර් මිලියන 64කට අධික වන්දියක් ඉල්ලා ඇති බවත් මේ දක්වා ලැබුණු වන්දි මුදල හදුනාගත් පාර්ශව 23 ක් සඳහා වන්දි ප්‍රදානය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයාා කීය.

ඍජුව හානි වූ ධීවර පවුල් 15,032 ක් සදහා රුපියල් ලක්ෂ 7850 ක් වන්දි මුදල් ගෙවීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 4303 ක් මේ වනවිට ගෙවා අවසන් බවත් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.