― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුටින්ගේ කළු පටිය ගැලවෙයි

පුටින්ගේ කළු පටිය ගැලවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පිරිනමා තිබූ ටයික්වොන්ඩෝ (taekwondo) කරාටේ කළු පටිය අවලංගු කිරීමට World Taekwondo සංගමය තීරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ, යුක්‍රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බව ය.

World Taekwondo සංගමයේ ආදර්ශ පාඨය වන්නේ, “ජයග්‍රහණයට වඩා සාමය උතුම් ය,” යන්න ය.

ටයික්වොන්ඩෝ ක්‍රීඩාවේ සාරධර්මය වන ගරු කිරීම සහ ඉවසීම යන ගුණාංග අහිංසක ජනතාව වෙත කුරිරු ප්‍රහාර එල්ල කිරීම හරහා විනාශ වන බව එම සංගමය පවසයි.

මේ හේතුවෙන් 2013 වසරේ නොවැම්බර් මාසයේදී ව්ලැඩිමීර් පුටින් වෙත පිරිනමන ලද කළු පටිය අවලංගු කරන බව නිවේදනයක් නිකුත් කරමින් World Taekwondo සංගමය පැවසීය.