26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් රථවලට ලංගමයෙන් සහනයක්

පෞද්ගලික බස් රථවලට ලංගමයෙන් සහනයක්

මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ අනුව සිපෙට්කෝ මිලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර ඊට අදාළ ගණනය කිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතී. ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති අතර බස්රථ සදහා අවශ්‍ය ඩීසල් නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බව පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ඊයේත් දිගු පෝලිම් දක්නට ලැබිණි. ඩීසල් නොමැතිවීමෙන් නුවරඑළියේ එළවළු වෙළදාම සියයට 60කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසයි.