― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeNewsභූමිතෙල්වලින් ඛනිජතෙල් සංස්ථාවට කෝටි 7,000ක පාඩුවක්

භූමිතෙල්වලින් ඛනිජතෙල් සංස්ථාවට කෝටි 7,000ක පාඩුවක්

සහන මිලට භූමිතෙල් විකිණීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට මේ දක්වා සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 7,000කට ආසන්න බව ඛනිජ තෙල් සංස්ථාව අනාවරණය කරයි.

මෙම අලාභය ප්‍රතිපූර්ණය කිරීමට මහා භාණ්ඩාගාරය ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු නමුත් මේ දක්වාම එම මුදල් ගෙවීමටද පියවර ගෙන නැත.

ඉන්ධන මිල ඉහළ යෑමේ පීඩනය ජනතාවට නොදීම සදහා අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුවක් අනුව පිරිවැය රුපියල් 150ක් පමණ වන භූමිතෙල් ලීටරයක් වෙළෙඳපොළේ විකුණනු ලබන්නේ රුපියල් 87කටය. එක් භූමිතෙල් ලීටරයකින් සංස්ථාවට වන අලාභය රුපියල් 63කි. භූමිතෙල් විකිණීමෙන් සංස්ථාවට සිදු වන අලාභය මහා භාණ්ඩාගාරය ප්‍රතිපූරණය කිරීමේ එකඟතාවක් ඇති නමුත් කෝටි 7,000ක ආසන්න මුදලක් භාණ්ඩාගාරය තවම ගෙවා නොමැති බව අනාවරණය වී තිබේ.

වත්මන් මිල අනුව සලකා බැලීමේදී ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක්, පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 19ක් සහ පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 17ක් බැගින් සංස්ථාවට පාඩු සිදු වන අතර සමස්ත පාඩුව දිනකට රුපියල් කෝටි 55.1ක් බවට ගණන් බලා තිබේ.