― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsමහා ශිව රාත්‍රි දිනය අදයි

මහා ශිව රාත්‍රි දිනය අදයි

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මහා ශිව රාත්‍රි දිනය අදට (01) යෙදී තිබේ.

අඳුර දුරු වී ආලෝකය ලබා ගැනීම සඳහා ශීව දෙවියන් සිහි කරමින් උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුද ජූජා පැවැත්වීම අද දිනයේ සිදුකරනු ලබයි.

ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ අධ්‍යත්මික පිබිදීමක් ඇති කරවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාවදීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවවීමට මහා ශිව රාත්‍රී දිනයේ අධිෂ්ඨාන කරගත යුතු බවය.

දුකට පත් සිතට ඔබ සතුට අපේක්ෂා කරනවා මෙන් අඳුරෙන් වැසුණු ජීවීතයට අද වැනි දිනක අලෝකය ප්‍රාර්ථනා කරන බව ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවිධ ජනවර්ග හා ආගම් සමග එක්ව කටයුතු කිරීම තුළින් ඔබට මෙන්ම රටට ද යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙයි.