27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානසික රෝගීන්ට රට කරන්න දුන්නා නම් ඔවුන් මීට වඩා හොඳටම කරනවා

මානසික රෝගීන්ට රට කරන්න දුන්නා නම් ඔවුන් මීට වඩා හොඳටම කරනවා

අංගොඩ මානසික රෝහලේ රෝගීන්ට පාර්ලිමේන්තුවේ තනතුරු දුන්නා නම් රට මීට වඩා ඉදිරියට යනු ඇති බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද කීවාය.

“අංගොඩ මානසික රෝහලේ ලෙඩ්ඩු ටිකක් අරගෙන ඒ 225 පාර්ලිමේන්තුවේ පුටුවල ඉන්දුවා නම් ජනාධිපති ත් එකතුව මං හිතනවා මේ රට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙනවා කියලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසට පිස්සු නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හිතන්නවත් බෑ. මිනිසුන්ට ජීවත්වෙන්න බැරි වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ටික කියනවා අපි තමා හොඳටම කළේ කියලා.

මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ විගඩමක්, නාට්‍යයක්, පිස්සු මධ්‍යස්ථානයක්. අඩු ම වශයෙන් ජනාධිපතිතුමාට හැකියාවක් තියෙන්න ඕනෑ ලංකාවේ ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න කොන්දක් තියෙන්න ඕනෑ. ප්‍රධාන වශයෙන් මොළයක් තියෙන්න ඕනෑ.

මේ රටේ ඉන්නේ මෝඩ තකතීරු මිනිස්සු කියලා හිතන්න එපා. මේ රටේ මොළේ තියෙන මිනිස්සු ත් ඉන්නවා. වෙලාව ආවාම කට්ටිය යවන්න පුළුවන්.”