― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්‍රේනයේ සිරවූ ශ්‍රී ලාංකිකයන් මුදවාගැනීම ඇරඹේ

යුක්‍රේනයේ සිරවූ ශ්‍රී ලාංකිකයන් මුදවාගැනීම ඇරඹේ

ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්‍රේන – පෝලන්ත දේශසීමාව හරහා ඉවත්කරගැනීමේ කටයුතුවල මේ වනවිට නිරතව සිටින බව විදේශ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය මේ බව පැවසීය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යුක්‍රේනයේ පවතින වත්මන් ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යංශය සමීපව නිරීක්ෂණය කරනු ලබන බවය.

මෙම පිරිස අතර අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනයට ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකුද ඇතුලත්ව ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා පෝලන්තයේ වෝර්සෝ සහ තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් පහසුකම් සපයනු ලැබේ.

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුක්රේනයට සමගාමීව අක්ත ගන්වා ඇත. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිතව ගමන් කිරීමටත්, මෙරටට නැවත පැමිණීමේ කටයුතු සඳහාත්, අන්කාරා සහ වෝර්සෝ හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරු යුක්රේනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවය.

එසේම මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බෙලරුසයේ විශ්වවිද්‍යාල / උසස් අධ්‍යාපන ආයතන අටකට (08) අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් 1,556ක් ඇතුළුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 1,600ක පිරිසක් සමඟ අඛණ්ඩව හා සමීපව කටයුතු කරයි. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා අදාළ විශ්වවිද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය සහ දෙමාපිය කණ්ඩායම් මෙන්ම, බෙලරුසයේ අනෙකුත් අදාළ ආයතන සමඟ සෘජුවම සම්බන්ධ වී ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන බවය.

කෙසේ වෙතත් අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලෙස, විදේශ අමාත්‍යාංශය මෙම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.