28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්රේන, රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

යුක්රේන, රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

මෙරට රැඳී සිටින යුක්‍රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (28) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට අපහසු තත්ත්වයක් පැන නැගීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වනවිට ලංකාව තුළ රුසියානු සංචාරකයන් 11,463ක් සහ යුක්රේන සංචාරකයන් 3993ක් රැදී සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර තිබේ.