25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු ප්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට

රුසියානු ප්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි 21 හැවිරිදි වියේ පසුවූ ඉන්දීය ශිෂ්‍යයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. යුක්රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු අධ්‍යාපනය ලබන අතර එම සිසුන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් මේ වනවිට පියවර ගෙන ඇත.

ඉන්දියාවද තම ශිෂ්‍යයින් ගෙන්වාගැනීම සඳහා විශේෂ ගුවන් යානා යොදා ඇත. අද (01) උදෑසන මෙම ඉන්දීය ශිෂ්‍යයා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගියේය.

තවමත් යුක්රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.