27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි අර්බුදයට ජනපතිගෙන් විසඳුමක්

විදුලි අර්බුදයට ජනපතිගෙන් විසඳුමක්

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (28) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම උපදෙස් ලබා දී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ පෞද්ගලික ආයතන මඟින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ඒ අනුව ලබන 05 වැනිදා සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මේ අතර අද දිනයේත් දිවයින පුරා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුවන බවයි.