― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට

ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ ඊයේ (01 ) දින සහ ‘HIRADO’ නෞකාව ‍අද ( 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එම යුද නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් NOGUCHI Yasushi කටයුතු කරනු ලබයි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Minesweeper Tender වර්ගයට අයත් ‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් KONDO Koji කටයුතු කරනු ලබයි. Minesweeper Ocean වර්ගයට අයත් ‘HIRADO’ යුද නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් ITO Akira කටයුතු කරනු ලබයි.

මෙම යුද නෞකා ද්විත්වය 2022 පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර, එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය (DIVTACS), නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම(maneuvering exercises), නෞකා පෙළ ඡායාරූපකරණය (PHOTOEX) ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කිරිමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය. එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් හෙට 03 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.