― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදරුණු යුධ මැද යුක්‍රේන ජනපති යුරෝපා සංගමය අමතයි

දරුණු යුධ මැද යුක්‍රේන ජනපති යුරෝපා සංගමය අමතයි

යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඇමතුවේය.

එහිදී සංවේදී කතාවක් කළ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි, තමන් තනි නොකරන ලෙස යුරෝපා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් වෙත සිදුකරන රුසියානු ප්‍රහාර යුද අපරාධයක් බවටද යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කළේය.

යුරෝපයේ විශාලතම චතුරස්‍රය වන කාර්කිව් හි නිදහස් චතුරස්‍රයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ල, රඟහල සහ ඔපෙරා රඟහල වැනි ස්ථාන ඉලක්ක කර රුසියාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගල මරණ 10ක් පමණ සිදුව ඇතැයිද සෙලෙන්ස්කි පැවසුවේය.

නිදහස වෙනුවෙන් තම රට හා රටවැසියන් දැවැන්ත පරිත්‍යාගයක් කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ අතර එහි භාෂා පරිවර්තනය සිදුකළ තැනැත්තා පවා කතාව අතරතුර සංවේදී වුණි.

යුක්‍රේන ජනාධිපති, ව්ලොද්මීර් සෙලෙන්ස්කි,

“අප සමග යුරෝපය ශක්තිමත් වේවි. ඒත් ඔබ නැතිවුණොත් අප තනිවෙනවා. ඔබ අප සමග බව ඔප්පු කරන්න. ඔබ යුරෝපීයන් බව ඔප්පු කරන්න. එවිට  ජීවිතයට පුළුවන් මරණය පරාජය කරන්න. ආලෝකයට පුළුවන් අඳුර පරාජය කරන්න.”

රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී අදට දින 7ක් ගතවී අවසන්.

ගෙවුණු සතිය තුළ පමණක් දෙපාර්ශ්වයේම දහස් ගණන් පිරිස් මියගොස් ඇති බව නිල වාර්තා පවසයි.

අර්බුදය සම්බන්ධයෙන් රුසියාව සහ යුක්‍රේනය අතර දෙවැනි වටයේ සාකච්ඡා අද පැවැත්වීමට සූදානමින් පවතී.

ඒ රුසියාව යුක්‍රේනයේ කියෙව් අගනුවර, කාර්කිව් ඇතුළු නගර රැසක් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකරමින් පවතින පසුබිමකය.

ප්‍රහාර හේතුවෙන් සාම ව්‍යායාමය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි යුක්‍රේනය දැනටමත් පවසා තිබේ.

තම හමුදාව කියුව් වෙත දැවැන්ත ප්‍රහාර එල්ලකිරීමට සූදානම් වන බැවින් සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද රුසියාව මේ අතරතුර අනතුරු අඟවා ඇත.