30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැතුම් නිස්සංක ICC T20 පිතිකරන ශ්‍රේණිගතකිරීම්වල 09වන ස්ථානයට

පැතුම් නිස්සංක ICC T20 පිතිකරන ශ්‍රේණිගතකිරීම්වල 09වන ස්ථානයට

ලොව හොඳම විස්සයි විස්ස පිතිකරණ ලැයිස්තුවේ මුල් දස දෙනා අතරට පැතුම් නිස්සංකට එක්වීමට අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට එක්ව ඇති බව ICCය පවසයි. ඒ අනුව ඔහුට එම ලැයිස්තුවේ 09 වැනි ස්ථානය හිමිව තිබේ.

මීට පෙර වනිඳු හසරංගට පමණක් විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු දස දෙනා අතර ස්ථානයක් හිමිව තිබූ අතර ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ 6වන ස්ථානයේ සහ විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ 10වන ස්ථානයේ පසුවෙයි.

විස්සයි විස්ස හොඳම පිතිකරු ලෙස බාබර් අසාම් මුල්තැන හිමිකරගෙන සිටින අතර පන්දු යවන්නා ලෙස ටබ්රේස් ශම්සි මුල්තැන සිටී. විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර මොහොමඩ් නබී මුල්තැන හිමිකරගෙන සිටී.