29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබෙලරුස්හි සිටින ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාවට පියවර ගන්නැයි අගමැතිගෙන් දැනුම් දීමක්

බෙලරුස්හි සිටින ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාවට පියවර ගන්නැයි අගමැතිගෙන් දැනුම් දීමක්

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (02) විදේශ අමාත්‍ය ජී.එල් පීරිස්ට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් එක්දහස් පන්සීයකට ආසන්න පිරිසක් නියෝජනය කරමින් එම දෙමාපිය එකමුතුව අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම කර තිබේ.

ඒ අනුව බෙලරුස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයක් එක්දහස් හයසීයක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරුස් රාජ්‍යට ආසන්නයෙන්ම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් තිබේ.

අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කරමින් අධ්‍යන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමටත් ඔවුන්ට රුසියාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමටත් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.