27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේනයට සහන සැපයීමට තායිවාන ජනාධිපතිනිය තම වැටුප පරිත්‍යාග කරයි

යුක්‍රේනයට සහන සැපයීමට තායිවාන ජනාධිපතිනිය තම වැටුප පරිත්‍යාග කරයි

තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන් තමාගේ මාසික වැටුප යුක්‍රේන ජනතාවට සහන සැපයීම සඳහා පරිත්‍යාග කර තිබේ.

එසේම එරට උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද යුක්‍රේනය ට මානුෂික ආධාර සැපයීමට සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන – රුසියා යුද්ධයට අද (02) වනවිට සතියක කාලයක් ගත වී ඇති අතර ඉන් යුක්‍රේන වැසියන් විශාල ගණනක් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

යුද්ධය හේතුවෙන් යුක්‍රේන වැසියන් වෙනුවෙන් ලොව නන් දෙසින් ආධාර ගලා එයි.