― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරනිල්ගේ පෙත්සමට දින නියම වෙයි

රනිල්ගේ පෙත්සමට දින නියම වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකර ඇති මෝසම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාර්තු මස 08 වැනිදා දක්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට කල් ලබාදී තිබේ.

ඒ, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනීසිටින ලෙස තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රනිල් වික්‍රමසිංහ ගොනුකර තිබූ මෝසම සම්බන්ධයෙනි.

රනිල් වික්‍රමසිංහ සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනු කළ මෝසම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම මෝසම සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසය.

ඒ අනුව අදාළ මෝසම ලබන 08 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබුණි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එය අද සලකාබැලීම සිදුවිය.

රනිල් වික්‍රමසිංහ සිය මෝසමෙන් කියා සිටින්නේ, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තමන් දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇති බවය.

එසේ තිබියදී අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත්කර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ එම කොමිසම හමුවේ තමන්ට ඉකුත් 28 වනදා පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබූ බවත් සඳහන් කරයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තමා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර තිබෙන අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම යුක්ති සහගත නොවන බව ඔහු සඳහන් කරයි.