― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියානු - යුක්‍රේන යුද ගැටුම් උඝ්‍ර වෙයි

රුසියානු – යුක්‍රේන යුද ගැටුම් උඝ්‍ර වෙයි

යුක්‍රේනයේ කියුව් අගනුවර පිහිටි රුපවාහිනී කුළුණකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී පුද්ගයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාව විසින් එල්ල කළ අදාළ ප්‍රහාරය හේතුවෙන් “ටීවි රේන්” නමැති එරට ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් සහ ඉකෝ මොස්කව් නමැති ගුවන් විදුලි නාලිකාව විනාශන නැවතී ඇති බව වාර්තා වේ.

අදාළ නාලිකා මඟින් රුසියාව පිළිබඳව අසත්‍ය තොරතුරු විකාශය කරන බවට ලද තොරතුරු මත රු සියාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙත් අදාළ නාලිකා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

එම රුපවාහිනි නාලිකා සඳහා ප්‍රහාර එල්ල කළ ද යූ ටියුබ් මඟින් එම නාලිකා විකාශන කටයුතු සිදුකරන බව සඳහන් වේ.

මේ අතර දෙරට අතර පවතින යුධ ගැටුම් නීත්‍යානුකූල ලෙස සමතයකට පත් කර ගැනීමට යුක්‍රේනයට අවශ්‍යතාවයක් නොමැති බව රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

රුසියාව විසින් රූපවාහිනි කුළුණකට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති අතර එහිදී එකඟතාවක් නොමැතිව අදාළ සාකච්ඡා අවසන් කර තිබුණි.

මේ අතර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්‍රේනය වෙත මූල්‍යාධාරි ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පවතින යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේනය මුහුණදී ඇති තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසු වන බවය.

ඒ අනුව ඉදිරි සතිය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහ ඉදිරි මාස තුළ ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට නියමිත බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

ඩොලර් බිලියන 2.2ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද යුක්‍රේනයට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ගූගල් සමාගම විසින් “රසියා ටුඩේ” නමැති රුසියානු ප්‍රවෘත්ති නාලිකාව අවහිර කර තිබේ.

අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරිම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව ගූගල් සමාගම සඳහන් කර ඇත.

එමෙන්ම රුසියාවේ ඇතැම් යූටියුබ් නාලිකා සඳහා ගූගල් සමාගම විසින් සීමා පනවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.