25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවියත් මඟ ෆේල් - ගම්මන්පිල'වොයිස්කට්' දීම අතහැර වගකීම් ඉටු කළ යුතුයි

වියත් මඟ ෆේල් – ගම්මන්පිල’වොයිස්කට්’ දීම අතහැර වගකීම් ඉටු කළ යුතුයි

වියත් මඟ දේශපාලන වශයෙන් ෆේල් නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වියත් මඟ ෆේල් නම්, වියත් මඟ, වියත් මඟ කිය කියා සිටීමෙන් ඵලක් නොවන බවත් රටේ සිටින ‘වියපත් වියතුන්’ගෙන් ප්‍රයෝජනය ගතයුතු බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙක් ලෙස ෆේල් බවත් ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා ලෙස ‘වොයිස්කට්’ දීම අතහැර අමාත්‍යවරයාගේ වගකීම ඉටු කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ජනතාව විදින දුක තමන්ද අත්විදින නිසා ඒ පිළිබඳව හොඳ අවබෝදයක් ඇති බව කී ඩිලාන් පෙරේරා කියා සිටියේ ‘වොයිස් එක කට් කර’ පක්‍ෂ සහ විපක්‍ෂ දෙකේම සිටින ප්‍රශ්නවලට විසඳුම් දියහැකි අය එකතුව රට මුහුණ දී සිටින අර්බුදය විසඳිය යුතු බවත්ය.