27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුරූපී නිළි අකිලා අමෙරිකානු හමුදාවට එක්වෙයි

සුරූපී නිළි අකිලා අමෙරිකානු හමුදාවට එක්වෙයි

සුරූපී රංගන ශිල්පිනියක් අමෙරිකා සන්නද්ධ හමුදාවට එක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස අමෙරිකානු හමුදාවට එක්වීමට තීරණය කර ඇත්තේ දමිල චිත්‍රපට රංගන ශිල්පිණියක් වන අකිලා නාරායානන් බවය.

අමෙරිකානු හමුදාවේ නීති උපදේශකවරියක් ලෙස ඇය මෙලෙස සේවයට එක්ව තිබේ.

ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘Kadampari’ හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මෙලෙස නීති උපදේශකවරියක් ලෙස ඇය ඇමෙරිකානු හමුදාවට එක්වුවද ඇයට මාස කිහිපයක් සටන් පුහුණුවක් ලැබීමට ද සිදුව ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ පදිංචිව සිටින ඇය එරට සංගීත පාසලක් ද පවත්වයි.