27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ගේ චෝදනාවට මහ බැංකු අධිපති කට අරියි

විමල්ගේ චෝදනාවට මහ බැංකු අධිපති කට අරියි

විමල් වීරවංශ අමාත්‍යවරයා සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ විසින් මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර ගැටලුවක් ඇති බව ඊයේ (02) ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ අවශ්‍ය වූ විට මුදල් අමාත්‍යවරයා සහ තමා හමුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ,

“කුඩා කියන අය නංවන්ට අවශ්‍යයයි. ඒ නිසා ඒ අයගේ අලෙවිකිරීමේ ශක්තිය වැඩි කරන්න අවශ්‍යයි ඒ අයගේ දැනුම වැඩිකිරීමට අවශ්‍යයි. ඒ අයගේ තාක්ෂණික දැනුම වැඩිකරන්න අවශ්‍යයි ඒ සියලුම දේවල් කරන්න අවශ්‍යයි ඒ කිරීම ගැන අපි සතුටුවෙනවා. ඒක දිගින් දිගටම කළයුතු වැඩක්.”