29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවාසුදේව නානායක්කාරත් අමාත්‍ය ධුරයෙන් ඉවතට

වාසුදේව නානායක්කාරත් අමාත්‍ය ධුරයෙන් ඉවතට

කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඊයේ (03) සිය තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.

ඊට හේතුව වූයේ පසුගිය දිනක පක්ෂ එකොළහක සහභාගිත්වයෙන් පැවැත්වුණු සමුළුවයි.

කෙසේ වෙතත් මෙම රැස්වීමට වාසුදේව නානයක්කාර ඇමතිවරයාද සහභාගී වූ අතර මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

මෙම සාකච්ඡාවේදී වාසුදේව නානයක්කාර පැවසුවේ තමන් නැවත කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවයි.

තවද අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත්වන බවද ඔහු පැවසීය. මෙම ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව එහිදී විමල් වීරවංශ අවධාරණය කළේය.