― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුව විවේචනය කළොත් ඇමතිකම්වලින් දොට්ට දානවා

ආණ්ඩුව විවේචනය කළොත් ඇමතිකම්වලින් දොට්ට දානවා

ආණ්ඩුව හරි මගට ගැනීමට සමුළු තැබූ විමල් වීරවංශගේ හා උදය ගම්මන්පිලගේ ඇමති ඇඳුම් ආණ්ඩුව විසින් මහ මග ගලවා දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් සංශෝධනයක් මගින් රට සංවර්ධනය කිරීමක් සිදු නොවන බවත් එහිදී සිදුවන්නේ දේශපාලන මිතුරන් සතුටු කිරීම හා තමන්ට විරුද්ධව කටයුතු කරන අය නොසලකා හැරීම පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයන් සංවිධානය කළ රැස්වීමේදී ඔවුන් සීනි, පොල්තෙල් බදු වංචා ඇතුළු සහ මාර්ග කාපට් කිරීම යන කාරණා පිළිබඳ හෙළිදරව් කළ බැවින් ආණ්ඩුව තමන්ට එල්ල වන විවේචනයක්වත් දරා ගත නොහැකිව තමන් ළඟම සිටි පුද්ගලයන් ඇමති ධූරවලින් නෙරපා ඇති බවත් නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන අවස්ථාවේදී විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ප්‍රකාශ කළත් එවැනි විද්‍යාත්මක පත්කිරීම් සිදුනොවන බව පෙනෙන්ට තිබෙන බවත් ඔහු එහිදී කියා සිටියේය.