27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋදේ ඇමති හවස නොමැති - ගම්මන්පිල කියයි

උදේ ඇමති හවස නොමැති – ගම්මන්පිල කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (03) උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ දරමින් සිටි අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමට පියවර ගත්තේය.

ඊයේ පස්වරුවේ සිදුකළ හදිසි කැබිනට් සංශෝධනයක් මගින් මෙය ක්‍රියාවට නැංවූ අතර ඒ අනුව උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ සිය බඩු බාහිරාදිය රැගෙන ඉන් පිටව ගොස් තිබේ.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“උදේ ඇමති හවස නොමැති. ඇමති ධූර නිත්‍ය නෑ. ඒ නිසා අනිත්‍ය ඇමති ධූරය වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය සඟවා තබාගන්න බෑ. ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධූරය ඉවත් කරලා. සතුටුයි. කොතනවත් අපි බොරුවක් කියලා නෑ. ඇමති ධූරයෙන් අයින් වෙලා පළායන්න උත්සාහ කළේත් නෑ. හෙට පක්ෂ 11 නායකයින් රැස්වෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා.”