30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 හැවිරිදි වියේ පසුවිය.

ලෝක වාර්තාවක් තබමින් ඔහු ටෙස්ට් තරග 96කදී කඩුල්ල පසුපස සිට දවාගැනීම් 335ක් ලබාගැනීමට සමත්විය.

වර්ෂ 1970 දී ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු 1984දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබීය.

ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙසද කලක් ඔහු සේවයේ නිරත විය.

ටෙස්ට් ශතකයක් රැස්කළ ප්‍රථම ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නා ලෙසද ඉතිහාසයට එක්වන්නේ රොඩ්නි මාෂ්ය.